පළාත් සභා මැතිවරණය කල්දාන හේතුව මැකො කියයි

පළාත්  සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය.

“මැතිවරණ පැවැත්වීම ගැන  බොහොම රාවයක් තියෙන මේ වෙලාවේ අපි විමසා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීම තියෙන එක ගැන තමයි. පළාත් සභා ඡන්ද විමසිම ප්‍රමාද කරන්නේ, අපට පේන විදියට, සියලුම දැනට මහජන නියෝජිත ආයතවල ඉන්න අය හිතනවා දෙවැනි පෙළක් එන එක හොඳ නෑ කියලා.”

“මට හිතෙන්නේ දැන් මේකට ඔක්කොම විරුද්ධ වෙලා තියෙන්නෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නොතියන්නෙ දෙවැනි පෙළක් ඉස්සරහට එයි කියලා බයට වෙන්ට ඕනේ. නැත්තම් කිසිම හේතුවක් නෑ පළාත් සභා ඡන්දේ කල්දාන්න” යැයි ඒ මහතා පැවසිය.

ලෝක කැස්බෑ දිනය වෙනුවෙන් කොස්ගොඩ ගල්බොක්ක කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 500 ක් මූහුදට නිදහස් කිරිමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

Exit mobile version