ඉඩම් ආරවුලක් දුර දිග යාමෙන් වෙච්ච දෙයක්

අද (17) උදෑසන 10.30ට පමණ කෝපායි පොලිස් වසමේ වසන්තපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී එකම පවුලේ දෙදෙනෙකුට තුවාල සිදු කර තිබේ.

මෙම පහර දීමෙන් එකම පවුලේ කාන්තාවක් හා පිරිමියෙක් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව 12.15 ට පමණ කාන්තාව මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වු ඉරුපාලේ වසන්තපුරම් ලිපිනයේ පදිංචි බාලසිංහම් හරිද්‍රා නැමති කාන්තාවකි.

ඉඩම් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇත.

මරණකාරියගේ හා තුවාලකරුගේ බාප්පා වන වයස අවුරුදු 61 ක් වු සැකකරු කෝපායි පොලීසියෙන් විසින් අත්අඩංගුවට ඇත.

කාන්තාවට පළමුව පහර දී ඇති අතර, ඇය බේරා ගැනීමට යාමේ දී ඇගේ සහෝදරයා තුවාල ලබා තිබේ.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version