Home දේශීය පුවත් අම්මටයි තාත්තටයි රණ්ඩු වෙලා ගෙයක් රන් කරන්න බෑ

අම්මටයි තාත්තටයි රණ්ඩු වෙලා ගෙයක් රන් කරන්න බෑ

0
අම්මටයි තාත්තටයි රණ්ඩු වෙලා ගෙයක් රන් කරන්න බෑ
ජනපති හා අගමැති අතර ගැටුම අවසන් කර ඔවුන් දෙදෙනා එක්ව ගමන් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේ පැවැති එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

“මේ දෙදෙනාගේ විරසකය (ජනපති හා අගමැති ගැටුම) ලෝකේ කිසිම රටක වෙන්නෙ නෑ. ලෝකේ කිසිම රටක ජනපති එක පාරක අගමැති තවත් පාරක යන්නේ නෑ.

ලක්ෂ 62ක් ඡන්දේ දුන්නේ දෙදෙනාම එකට ගමනක් යන්න. තේරීම්කාරක සභාවට එන්නේ නෑ. කැබිනෙට්ටුව පවත්වන්නේ නෑ. ඒ වගේ දේවල් කියන එක රටකට හොඳ මදි. ආයෝජකයෝ එන්නේ නෑ.

මේක මුණ එක්ක තරහවෙලා නහය කපා ගන්නවා වගේ වැඩක්. මේ අය කෘතහස්ථ, පිරිපූර්ණ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් හැටියට පොඩි ළමයි වගේ හැසිරෙන එක හොඳ මදි.

අගමැති – ජනපති එකට ඉන්න ඕන. මේ පොඩි ළමයි වගේ අපි එන්නේ නෑ. තරහ වෙලා, එයා ඉන්නවමන් මම එන්නේ නෑ. වගේ දේවල් නොකියා මේ උත්තරීතර ධුර දරණ අය එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. අම්මටයි තාත්තටයි රණ්ඩු වෙලා ගෙයක් රන් කරන්න බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version