වැලිකන්ද-මරදන්කඩවල අනතුරකින් පස්දෙනෙක් ජිවිතක්ෂයට

මඩකළපුව-පොලොන්නරුව මාර්ගයේ, වැලිකන්ද ප්‍රදේශයේදී අද(19) අළුයම 01.45ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

මරදන්කඩවල – තිරික්කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේන බවයි පොලීසිය පැවසුවේ.

වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.

අනතුරින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය පිරිස වැලිකන්ද – බෝවත්ත ප්‍රදේශයේ පදංචිකරුවන් වන අතර මියගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බවයි පොලිසිය පැවසුවේ.

Exit mobile version