පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයින්ගේ සාකච්ඡාවක් අද

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයින්ගේ සාකච්ඡාවක් අද(19) අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයෙදි පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ දක්වා ඉදිරිපත් වු සාක්ෂි සමාලෝචනයකට ලක්කරමින් එහි ප්‍රගති අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව විශේෂ කාරක සභාවේ ඉදිරි කටයුතු පිළිබඳ සැලසුම් සකස් කිරීම ද මෙහිදී සිදුවනු ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත නිලධාරීන්ගේ නාම ලේඛනය සකස් කිරීම ද මෙම සාකච්ඡාවේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version