දුම්රිය වර්ජනය අත්හිටුවයි

වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම වර්ජනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අමාත්‍යවරයා හෙට(20) දිනයේදී මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට පස්වරු 02.00 ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී තම වැටුප් ගැටලුව සඳහා නිසි විසදුම් ලබා දීමට මුදල් අමාත්‍යවරයා පියවර නොගතහොත් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ද දුම්රිය වෘත්තිය සමිති සඳහන් කළේය.

Exit mobile version