යතුරුපැදි-ලොරි අනතුරකින් ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිළධාරියෙක් මරුට

අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයේ මොරවැව ප්‍රදේශයේදී ඊයේ සිදු වූ රිය අනතුරකින් ඇමති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිළධාරියෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරවැව පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version