අනුරාධපුර භික්ෂු සරසවිය අසලදී සැකපිට පුද්ගලයෙක් STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(19) දින වැටලීමක් සිදු කර තිබේ.

අනුරාධපුර පොතානේගම ග්‍රාම නිලධාරී වසමේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මෙම වැටලීම සිදු කර ඇත.

එහි දී 12.15ට පමණ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වු හා යම් අපරාධයකට සම්බන්ධ යැයි සැකපිට සිටි පුද්ගලයෙකු මෙලෙස විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා මොහු අනුරාධපුර පොලීසිය වෙත බාර දී තිබේ.

Exit mobile version