දුම්රිය වර්ජනය තවදුරටත් – අද මධ්‍යම රාත්‍රියෙන් වර්ජනය අවසන්

පෙරේදා(20) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අද(22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

වැටුප් ගැටළු මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවේය.

තම ඉල්ලීම සඳහා විසදුම් නොලැබුණහොත් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර යලි වර්ජනයක නිරත වන බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරින්ගේ වෘත්තිය සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.

Exit mobile version