ගිනි අවියක් හා සජීවි ප‍‍තරොම් හයක් සමඟ 2ක් අත්අඩංගුවට

කෑගල්ල, හිරිවඩුන්න ප්‍රදේශයේ දී ඉඩමක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ආරවුලක් හට ගෙන තිබේ.

පසුව මේ පිළිබඳ කෑගල්ල ‍පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය ‍එම ස්ථානයට ගොස් මෙම ආරවුලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් හා 37 ක් වු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එම මෝටර් රථයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා සජීවි පතරොම් 6ක් සොයා ගෙන තිබේ.

සැකකරුවන් අද(25) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version