කඩවත දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කඩවත, ගනේමුල්ල පාරේ දී ‍හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 100 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම ‍වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 30 ක් කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද(25)මහර මහේස්ත්‍රාත් අධිකරණයට‍ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version