අන්‍ය භාෂා කෙරෙහි ජනතාවට අවබෝධයක් තියෙනවද ?

අන්‍ය භාෂා කෙරෙහි ජනතාවට අවබෝධයක් ඇත්නම් මෙරට තුළ ජාතික ප්‍රශ්නයක් ඇති නොවන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේෂන් මහතා පවසයි.

සිය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබදව අඳහස් පල කළේය.

එමෙන්ම ඇතැමුන් පවසන පරිද රට තුල විශාල ජාතික ප්‍රශ්නයක් පවතින බව තමන් පිලි නොගන්නා බවද අමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය.

සියළුම ජාතින් අතර නිවැරදි අවබෝදයක් පවති නම් ඔවුනොවුන් අතර පවතින ගැටුම් නිරාකරණය වන බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.

එමෙන්ම එහිදි සෑබැ දේශප්‍රේමින් බිහිවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version