කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 885ක් සමඟ පුද්ගලයෙකු බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද වැටලීමකදී අදාළ හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 29 හැවිරිදි හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහුව අද(28) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version