මධුෂ් රැගෙන ගොස් කළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් හමුවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් රැගෙන ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව දළුපොත ඇළ ප්‍රදේශයේ සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදියි.

ඩුබායිහි සිට මෙරට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙයි.

Exit mobile version