එජාප කොළොන්නාව බල මණ්ඩල රැස්වීම

එක්සත් ජාතික පක්‍ෂ කොළොන්නාව බලමණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදින කොළොන්නාව, මංගලපාය ශාලාවේ දී පැවැත්විණි.
කොළොන්නාව, එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් සංවිධානය කර තිබූ මෙම බල මණ්ඩල රැස්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලි‍මේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වී සිටියහ.
Exit mobile version