ශ්‍රී ලංකා – ඉන්දීයා එක්දින තරගාවලියට කෝලි නැහැ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියෙන් ඉන්දීය නායක විරාත් කෝලි විවෙික ගන්නවා අැත. ඒ අනුව එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට හිමි වේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 10 වනදාය. විරාත් කෝලි මෙම වසර තුළ වැඩිම තරග සංඛ්‍යාවකට එක්ව සිටීම හේතුවෙන් ඔහුට විවේකයක් ලබාදීමට තීරණය කර ඇත.

විරාත් කෝලි වෙනුවට ඉන්දීය යොවුන් පිතිකරුවෙකු වන ශ්‍රියාස් අයියර්ට, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිව තිබේ.

Exit mobile version