කටුගස්තොට ගිනි පෙට්ටි ගබඩාවක ගිනි ගනී

කටුගස්තොට-අලදෙනිය-වැරැල්ලගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමකට අයත් ගිනිපෙට්ටි ගබඩාවක ගින්නක් හටගෙන ඇත.

අද පස්වරු 1ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

මහල් දෙකකින් යුත් මෙම ගොඩනැගිල්ලේ හටගෙන ඇති ගින්න කටුගස්තොට නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවී ඇති අතර කටුගස්තොට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Exit mobile version