හමුදා පාලනයට එරෙහිව සූඩාන වැසියන් දහස් ගණනක් වීදි බැස විරෝධතාවල නිරතව සිටිති.
සූඩාන රජයේ මාධ්‍ය වාර්තා කළේ, මෙම විරෝධතාවලදී හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 181 දෙනෙකු තුවාල ලැබූ බවයි.
සූඩාන හමුදාව , ඉකුත් අප්‍රේල් මාසයේදී එරට ජනාධිපති ඕමාර් අල් බෂීර් ධූරයෙන් නෙරපාහැරීමෙන් පසු එරට ව්‍යාකූල තත්ත්වයක පැවතිණ.
සූඩානයේ ප්රජාතන්ත්ර හිතවාදී විරෝධතාකරුවන් ඉකුත් ජුනි මස 3 වැනි දින පැවති රැළියට පසු පැවැත්වෙන විශාලතම හමුදා විරෝධි රැළිය මෙය බව සඳහන් ය.
සූඩානය පාලනය කරන හමුදා කවුන්සිලය , සිවිල් පරිපාලනයකට ඉඩ දිය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීමයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි ද සූඩාන මාධ්‍ය වාර්තා කළේ ය.