තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන්ට සම්මාන

තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන් තෝරා සම්මාන පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙම උත්සවය දෙසැම්බර් 8 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා නුවරඑළිය මාගස්තොට පිහිටි පීඩෘ වතුයායේදී පැවැති උත්සවයකදීය. මෙම තේ සම්මාන උත්සවයේ දී ලංකාවේ හොඳම තේ දළු නෙළන්නා සහ නෙළන්නියටත් සම්මාන පිරිනමන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Exit mobile version