Home දේශීය පුවත් මාතලේට නව මහාධිකරණයක්

මාතලේට නව මහාධිකරණයක්

0
මාතලේට නව මහාධිකරණයක්

මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය වන අතර, මීට පෙර මහාධිකරණයක විභාග වන නඩු කටයුතු සිදු වුයේ මහනුවර මහාධිකරණය මගිනි.

මහාධිකරණයක් නොමැතිවීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත ,ඉලුක් කුඹුර, ලග්ගල පල්ලේගම, විල්ගමුව වැනි ප්‍රදේශවල ජනතාවට තම කාලය ධනය මහන්සිය කැප කරමින් මහාධිකරණ කටයුතු සඳහා මහනුවරට යාමට සිදු වුණි.

මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ හා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සහභාගිත්වයෙන් 2019.07.05 වන දින සිදු කිරිමට නියමිතය.

මාතලේ දිසා අධිකරණ බල ප්‍රදේශය, නාවුල මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය, දඹුල්ල දිසා අධිකරණ බල ප්‍රදේශය ,මාතලේ මහාධිකරණ බල ප්‍රදේශයට අයත් වෙයි.

මාතලේ මහාධිකරණ බල ප්‍රදේශය 2010.10.11 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නම් කර ඇති අතර, මේ වන විට ආසන්න වශයෙන් මහාධිකරණයක විභාග විය යුතු නඩු 350 ක් පමණ මෙහි විභාග වීමට ඇත.

අපරාධ නඩු 250 ක් හා සෙසු නඩු 100 ක් පමණ ඒ යටතට අයත් වේ.

ස්ථාපිත කරනු ලබන නව මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු ලෙස මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 850 ක මුදලක් වැය කරමින් නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති අතර ඒ සදහා මුල්ගල තැබීම ඊයේ (02) දින සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version