Home දේශීය පුවත් රාජිතට එරෙහිව GMOAවෙන් කථානායකට ලිපියක්

රාජිතට එරෙහිව GMOAවෙන් කථානායකට ලිපියක්

0
රාජිතට එරෙහිව GMOAවෙන් කථානායකට ලිපියක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පාර්ලාමේන්තුව නොමඟ යවන සුලු අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කථානායකවරයාට ලිපියක් යොමු කර ඇත.

“සුවපති කිරුළ” පැළදීමේ උළෙල වෙනුවෙන් වියදම් වු මුදල පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුව තුල මතු කළ ප්‍රශ්නයක් සඳහා සෞඛ්‍ය ඇමතිවරයා විසින් ලබා දුන් පිළිතුරක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස කථා නායකවරයාට මෙම ලිපිය මඟින් දැනුම් දී ඇත.

“සුවපති කිරුළ” පැළදීමේ උළෙලේ අනුග්‍රාහකත්වය පිළිබඳව මෙහිදී බිමල් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජිත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය මඟින් සංවිධානය කළ බවයි.

කෙසේ වෙතත් උළෙල සඳහා ආරාධනා කළ ආරාධනා පත්‍රය මඟින් සනාථ වී ඇත්තේ අනුග්‍රාහකත්වය හා සංවිධාන කටයුතු සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මූලිකත්වය ගෙන කටයුතු කළ බවය.

මේ හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවත් ඒ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කථා නායකවරයාට යොමු කර ඇති ලිපියෙහි සඳහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version