Home දේශීය පුවත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් තංගල්ල යායවත්ත ප්‍රදේශයේ දී ගසක ගැටේ

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් තංගල්ල යායවත්ත ප්‍රදේශයේ දී ගසක ගැටේ

0
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් තංගල්ල යායවත්ත ප්‍රදේශයේ දී ගසක ගැටේ

තිස්ස, මාතර ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් තංගල්ල යායවත්ත ප්‍රදේශයේ දී ගසක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත්කර තිබේ. ඊයේ (28) අලුයම 4 ට පමණ අනතුර සිදුවී ඇති අතර වර්ෂාව නිසා මාර්ගය ලිස්සන සුළු වීමත් අධික වේගයත් නිසා රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමත් අනතුරට හේතුව වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතර පිරිමි 12ක් හා එක් කාන්තාවක ද වන අතර තුවාල ලැබූ පිරිමි අය අතර විදේශිකයකු ද සිටින බව පොලිසිය පවසයි. තංගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් 13දෙනා අතුරින් මේ වන විට පුද්ගලයන් 4 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් කිසිවකුගේ තත්ත්වය බරපතළ නොවන බව තංගල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි චමින්ද ජයසේකර මහතා කියා සිටියේය .

රිය අනතුරින් පසුව බසයේ රියදුරා සහ කොන්දොස්තර පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version