පමුණුගම රිය අනතුරකින් කතක් මරුට

පමුණුගම, උස්වැටකෙයියාව කඳාන මාර්ගයේ කඳාන දෙසට ධාවනය වු යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

එම කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 74ක් වු පුබුදුගම උස්වැටකෙයියාව පදිංචි අයෙකි.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version