මුස්ලිම් ජනතාව අලුත් ලංකාවක් නිර්මාණය කළ අයුරු මෙන්න

අන්තවාදීන් ගැන තොරතුරු දෙන්න මුස්ලිම් ජනතාව ඉදිරියට පැමිණ ජාතියට උඩින් රට ඔසවා තැබීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ(04) නුගේගොඩ පැවති වහබ්වාදී අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ පැවති විරෝධතාවයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්විය.

ඒ වගේම මුස්ලිම් ජනතාව අන්තවාදයට එරෙහිව අප සමඟ අත්වැල් බැඳ ගත් බවත්, ඔවුන් විසින් අන්තවාදී පල්ලි කඩා විනාශ කළ බව ද පැවසීය.

ඒ තුළින් අලුත් පක්ෂයට උඩින්, ජාතියට උඩින්, රට ඔසවා තබන ජාතියේ සිහිනය සැබෑ වෙන ආකාරයක් දක්නට ලැබුණ බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Exit mobile version