එක් දින හැඳුනුම්පත් නිකුත් කිරීම සඳුදා සිට

බිඳ වැටී ඇති පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු පවසයි.

එහි කොමසාරිස් ජනරාල් වියානා ගුණතිලක මහතා සඳහන් කළේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් අද දිනයේ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවු බවයි.

කෙසේවෙතත් දෙපාර්තමේන්තුවේ අනෙක් සේවා කටයුතු සාමාන්‍ය පරිදි අද දිනයේ සිදුවන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවන අතර සදුඳා දිනයේ සිට ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක කරන බව වියානා මහතා සඳහන් කළේය.

Exit mobile version