හදිසියේ රෝගාතුර වු පාසල් සිසුන් 8ක් රෝහලට

හදිසියේ රෝගාතුර වු පාසල් සිසු සිසුවින් අට දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද(05) ඇතුලත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන ටින්සින් දෙමඵ මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු සහ එක් සිසුවෙකු හදිසියේ ඇති වු ස්වසන අපහසුතාවයක් සහ කැස්ස යන රෝග ලක්ෂණ ඇතිව එම සිසු සිසුවියන් රෝහලට ඇතුලත් කල බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

අද උදැසන පාසල් පැවැත්වෙන අතුරතුර එක් සිසුවියකට හදිසියේ රෝගාතුර වු බවත්, ඉන් අනතුරුව සෙසු පාසල් සිසුවියන් සහ සිසුවා රෝගාතුර වු නිසා ඔහුන් සියළු දෙනා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බවයි ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ අචාර්යයවරයෙකු කියා සිටියේ.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හදිසියේ රෝගාතුර විම සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාද පරික්ෂණයක් ආරම්භ කර ඇත.

Exit mobile version