පොලිස්පති පූජිත්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්න CIDයට අවසර

නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් එම රෝහලට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇත.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබාදී ඇති බවට වාර්තා වෙයි.

පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකුට 2017 වසරේදී සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතයි.

Exit mobile version