මැදගොඩ අභයතිස්ස හිමි කළ අනාවරණයක් ගැන CIDය විමර්ශන අරඹයි

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් සිදු කළ අනාවරණයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත.

පසුගිය ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවට පසුගිය ජූලි මස 4 දින පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි විසින් තොරතුරු අනාවරණය කර ඇත.

ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Exit mobile version