රටේ පවතින සත්‍ය තත්ත්වය හෙළිදරව් කරන්න ක්‍රමවේදයක් නෑ

මහජනතාවට රටේ පවතින සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට ක්‍රමවේදයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවා ඒ පිළිබඳ ක්‍රමවේදයක් නොමැති බව ඔහු ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූජාපිටිය තරුණ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ජනතාව එක්ව පාර්ලිමේන්තුවේ සියලුම මැතිවරුන්ට ශාප කිරීමට මේ වන විට පෙළඹී සිටින බවත් ඉදිරි තීරණ ගැනීමේ දී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් රට වෙනුවෙන් තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version