මොණරාගල, අලියාවත්ත රක්ෂිතයේ හදිසි ගින්නක්

මොණරාගල පොලිස් වසමේ අක්කර 8, අලියාවත්ත රක්ෂිතයේ හදිසි ගින්නක් ඊයේ(08) සවස 2.00 ට පමණ හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මොණරාගල පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න පාලනය කර තිබේ.

රක්ෂිතයට ගිනි තැබීම හේතුවෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද(09) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version