බන්ධනාගාරවලට බුද්ධි ‍ඒකකයක් පිහිටුවන්න අනුමැතිය

බන්ධනාගාර ආඥා පනත යටතේ නෛතික කාර්ය රාමුව ක් සහිතව බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටු වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව මෙය සිදු කරනු ඇත.

බන්ධනාගාර ඵලදායි පරිපාලනය හා විනය පවත්වා ගෙන යාම සඳහා පහසුකම් සැලසීම සඳහා බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටු වීමට යෝජනා වී තිබේ.

මෙය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල මහත්මිය විසින් යෝජනා කර ඇති අතර, එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version