පැය 24 ක් තුළ බීමත් රියදුරන් 300ක් අත්අඩංගුවට

අද(09) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 300 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව ඊයේ(08) උදෑසන 06.00 සිට අද උදෑසන 06.00 දක්වා පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූ දිනයේ සිට අද දිනය දක්වා රියදුරන් 1500 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version