වතු කම්කරුවන් 45කට බඹර ප්‍රහාරයක්

වතු කම්කරුවන් 45 දෙනෙකුට අද(10) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මස්කෙළිය පොලිස් වසමට අයත් ග්ලෙන්ටිල්ට් හා බැනියන් යන තේ වතුවල කම්කරුවන් පිරිසකට මෙම හදිසි බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ වතුවල දෛනික සේවා කටයුතු වල නිරිතවෙමින් සිටියදීය.

බැනියන් වතුයායේ කම්කරුවන් 22 කට හා ග්ලෙන්ටිල්ට් වතුයායේ කමුකරුවන් 23 ක් මෙහිදී තුවාල ලබා ඇති අතර එයින් 14 දෙනෙක් මෙ වන විට මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියැදිපිටිය මහතා පැවසීය.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතර ගැහැණු කම්කරුවන් 10 ක් හා පිරිමි කමකරුවන් 04 දෙනෙක් සිටින බව මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

Exit mobile version