අම්බලන්තොට නගරයේ වෙළෙඳසැලක ගින්නක්

අම්බලන්තොට නගරයේ වෙළෙඳසැලක තෙමහල් මහලක ඉහළ මාලයේ අද (29දා) දහවල් අැතිවු ගින්නකින් ගොඩනැගිල්ලට අලාභ හානි සිදුවී අැතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.

අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් දුමක් යන බවට ඒ අසල සිටි පුද්ගලයෙකු විසින් දැක, ඒ බව වෙළෙඳසැලේ හිමිකරුට දැනුම්දී තිබේ. අනතුරුව එම ස්ථානයට එකතු වු පිරිස් විසින් මහත් පරීශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කර අැතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රෙදි සෝදන යන්ත්‍රයකින් හටගත් විදුලි කාන්දුවක් ගින්නට හේතුවී අැති බවට පොලීසිය සැක පළ කරයි.

ගින්නෙන් සිදුවු අලාභ හානිය පිළිබඳව මෙතෙක් ගණනය කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version