Home ක්‍රීඩා පුවත් මහේන්ද්‍ර සිං දොනී සමුගනීද ?

මහේන්ද්‍ර සිං දොනී සමුගනීද ?

0
මහේන්ද්‍ර සිං දොනී සමුගනීද ?

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් මහේන්ද්‍ර සිං දෝනි මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.

ඊයේ (10) නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් විරාත් කෝලි සදහන් කර ඇත්තේ දෝනි ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු කණ්ඩායමට මේ දක්වාත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කටයුතු කරන දෝනි මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු එක්දින පිටියෙන් සමුගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වී තිබේ.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරඟ 350 කට ක්‍රීඩා කර ඇති ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 10,773 ක් වේ.

දෝනි තරග දිනවන්නෙකු ලෙස ඉන්දීය කණ්ඩායමට විශාල දායකත්වයක් ලබාදී ඇති අතර ඊයේ පැවති නවසීලන්තයට එරෙහි තරඟයේදී ඔහුගේ දැවී යාම තරඟය පරාජයට වීමට බලපෑ ප්‍රබලම හේතුව ලෙස ක්‍රීඩා විචාරකයින් හදුන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version