Alert – වර්ෂාව සමඟ අධික සුළං තත්ත්වයක්!

දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණුදිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60 – 80 පමණ) තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනටමත් තද සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් මාර්ග අනතුරු සහ විදුලිය බිඳවැටීම්, දේපල අලාභ හානි වාර්තා වී ඇත.

දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතම ස්ථාන වලට (මි.මි. 150 වැඩි) ඉතා තද වැසි ඇති වේ.

අනෙකුත් ප්‍රදේශවල ඇතම ස්ථාන වලට (මි.මි. 100 වැඩි) තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකමෙම කාලගුණික තත්ත්වය ඉදිරි පැය 12ක කාලය පුරා පවැතෙනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Exit mobile version