Home දේශීය පුවත් මම ජනපතිට කියන්නේ ’වෙන්ඩ මැන්ඩෙලා’ කියලා

මම ජනපතිට කියන්නේ ’වෙන්ඩ මැන්ඩෙලා’ කියලා

0
මම ජනපතිට කියන්නේ ’වෙන්ඩ මැන්ඩෙලා’ කියලා

තමන් ජනපති යැයි පාර්ලිමේන්තු කථාවේ සිදුකළත් හැන්සාඩ් වාර්තාවෙන් එය ඉවත් කරන හෙයින් තම කථාවේදී ජනපති වෙනුවට ‘වෙන්ඩ මැන්ඩෙලා’ යනුවෙන් පවසමින් තම කථාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග නිවැරදි දෙයක් නමුත් එයට අගමැති, කැබිනට් මණ්ඩලය පමණක් නොව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඇතුළත් විය බවත් ඇය ප්‍රකාශ කළාය.

එසේම ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් එයට අවශ්‍ය අත්සන් 75 තමන් මන්ත්‍රීවරුන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

“ජනපතිවරයා කිසියම් තැනක ප්‍රකාශ කර තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ජනපති අපේක්ෂකම දෙනවා කියලා. එහෙම දුන්නොත් පොහොට්ටුවටත් අබ සරණයි. අවුරුදු හතරක් පසුපස්සට යන්න පුළුවන්නම් මම ගත්ත තීරණය ආපසු හරවනවා. එස්.බී. දිසානායක මහතා මම දිහා ඔරවාගෙන බලාගෙන ඉන්නවා. වෙන්ඩ මැන්ඩෙලා දැන් නිවෙන දැල්වෙන පහනක් වගේ. ඉදිරියේදී ෆියුස් එක යනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version