බලන්ගොඩ, සමනල වැව ජලාශයේ දිය නැමට ගිය තරුණයෙක් ඊයේ(11) රාත්රියේ දියේ ගිලි අතුරුදහන්ව ඇති බව සමනල වැව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ බලන්ගොඩ, හල්පේ ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
මිය ගිය තරුණයා පුද්ගලයන් පස්දෙනෙකු සමඟ සමනල වැවේ දිය නෑමට ගොස් ඇති අතර දිය නාමින් සිටියදි මෙම තරුණයා දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
අතුරුදන් වු තරුණයා සොයා පොලිසියේ නිලධාරීන් හා ප්රදේශවාසින් එක්ව අද(12) දිනයේදීත් මෙහෙයුම් දියත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.