Home දේශීය පුවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ

0
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙයි.

මේ ලබා දීම පිළිබඳ එම තරුණ තරුණියෝ ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාවය පළ කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, සමාජගත කිරීම හා වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කිරීම පිළිබඳ එහි දී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

දීප ව්‍යාප්ත පුරුත්ථාපන මධ්‍යස්ථානවල මේ වන විට තරුණ තරුණියන් විශාල පිරිසක් පුනරුත්ථාපනය ලබමින් සිටියි.

දිස්ත්‍රික් මට්ටමින් ද නේවාසික නොවන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් මෙම වැඩසටහන් වඩා වේගවත් සහ පුළුල් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ පොලිසිය එක්ව ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින අතර මෙම පුහුණු මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපදේශන නිලධාරින් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතිව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version