ජනතාවට දේශපාලනය පිළිකුල් වෙලා

පක්ෂය කුමක් වුවද රට ගැන හිතන නායකයෙකු බලයට පත් විය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ප්‍රකාශ කර සිටියි.

රට ජාතියට සහ ආගමට හිතැති නායකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව වන්නිල ඇත්තන් පවසයි.

මේ වන විට ජනතාවට දේශපාලනය යන්න පිළිකුල් කරුණක් බවට පත්ව ඇති බවත් ඔහු කියා සිටියි.

තමන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ජනතාව අතර පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවත් ආදීවාසි නායකයා සඳහන් කළේය.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මෙම අදහස් පළ කළේය.

Exit mobile version