Home දේශීය පුවත් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජනපති අතින් ජනතා අයිතියට

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජනපති අතින් ජනතා අයිතියට

0

නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදි කරන ලද නුවරඑලිය දිස්ත්‍රික් මුලික මහ රෝහල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් අද(15) ජනාතා අයිතියට පත් කෙරිණ.

අක්කර 16 භුමි භාගයක ඉදි කර ඇති මෙම අංග සම්පුර්ණ රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකිර්ණයක් නවින තාක්ෂණයෙන් යුතු ශෛලාගාර, දැඩි සත්කාර ඒකකයක්, බාහිර රොගි එක්කය, ඖෂදාගාරයක්, රුධිර පාරවිලයන මධ්‍යස්ථායක් සහිතව අංග සම්පුර්ණව ඉදි කර ඇති මෙම රෝහල සඳහා නෙදර්ලන්ත රජය මුදල රු බිලියන 7 ප්‍රතිපාදන ලබා දි ඇත.

2012 වසරේ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ ඉල්ලිමක් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට සෞඛ්‍යය අමාත්‍යය වශයෙන් කටයුතු කළ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන යන මහතුන් විසින් රෝහලේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version