විදුලි සැර වැදී තරුණයෙක් මරුට

මන්දාරම්නුවර පොලිස් වසමේ ලබු‍‍හේන්‍වල, හපුගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ(15) දහවල් නිවසක් අසල ඉඩමේ දී අනවරසයෙන් අඳින ලද විදුලි රැහැනක ගැටී තරුණයෙක් මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වු උඩවෙල, මන්දාරම්නුවර ලිපිනයේ පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය මහනුවර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්දාරම්නුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version