තැපැල් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.

ඊයේ(16) පස්වරු 04.00 ට ආරම්භ කළ මෙම වර්ජනය පැය 48 ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දිවයින පුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

Exit mobile version