දකුණු අධිවේගයේ කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බවුසරයක් පෙරළීමෙන් කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමා තිබේ.

මේ හේතුවෙන් මාතර ප්‍රදේශයේ සිට පැමිණෙන වාහන කහතුඩුවෙන් පිටව යාමට සලස්වා ඇත.

මේ වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවටයි වාර්තා වන්නේ.

Exit mobile version