වර්ණ පහේ ගංඟාව මෙන්න

Caño Cristales නැමැති කොළොමිබියාවෙි ගංගාවක් වර්ණ පහකින් යුතුව ගලා බසින බවට වාර්තා වෙයි. එය දර්ශනීය ස්වාභාවික විස්මයකි.

සෙරානියා ඩි ලා මැකරේනා කඳු වැටියෙන් හමු වූ මෙම විස්මිත ගංඟාවේ ඡලය කහ, කොළ, නිල්, කළු සහ රතු පැහයෙන් යුතුව පතුලේ සිට විහිදේ.

මෙම දේදුනු පැහැ ජලය වර්ණ ගැන්වීම විවිධ සංසිද්ධින් කිහිපයක එකතුවකි.

රතු පැහැය – මැකරේනියා ක්ලැවිගෙරා නැමති ඡලඡ ශාඛය නිසා, කළු වර්ණය – ගං පත්ලේ ඇති පාෂාණ, කොළ පැහැය – ඇල්ගී, නිල් පැහය – ජලයේ ස්වාභාවික වර්ණයයි, කහ පැහැය – ගංගාවෙි වැලි වලින් පැමිණේ.

කානෝ ක්‍රිස්ටල් දිය ඇලි, තටාක සහ ගුහා තනමින් ඉදිරියට ගලායන අතර එහි කිසිදු මත්සයෙකුට ඡිවත්විය නොහැකිය.

සමහර විට ඒ ගංගාවෙි විවිධ ඇල්ගී සහ පාෂාණවලින් මුදා හැරෙන රසායනික ක්‍රියාවන් නිසා විය හැකිය. ගංඟාව සිය ජලය වර්ණ ගන්වන්නේ ජූලි සිට නොවැම්බර් දක්වා පමණි.

Exit mobile version