නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශයක සිට ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි 1200 ක් සමඟ පුද්ගලයෙක් ගිනිගත්හේන පොලීසිය මඟින්  කළුගල පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දුම්වැටි තොගය වෙළඳසල්වලට විකිණීමට ගෙන යමින් සිටයදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදංචි අයෙකි.

ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Exit mobile version