දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් පැය 24 ක කාලයක් තුළ බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට ගෙන ඇත.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම පසුගිය 5දා සිට ආරම්භ කරන ලදී.
මෙම මෙහෙයුමේදී ඊයේ(18) උදෑසන 6.00 සිට අද(19) උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, 2019.07.05 සිට 2019.07.19 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 3879 අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.