දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක සිදුවූ විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ (18) රාත්‍රී සිට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වීම් වාර්තා වි ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේය.

ඒ අනුව මාතර, ගාල්ල, දෙණියාය, හක්මන, අගලවත්ත, රත්නපුර, බලංගොඩ, රුවන්වැල්ල, කලවාන සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල සිදුවූ විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

Exit mobile version