මෙන්න අද කාලගුණ තත්ත්වය

දිවයින හරහා දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී තව දුරටත් බලාපොරොත්තුවේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

Exit mobile version