දිවයින පුරා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ(21) උදෑසන 6.00 සිට අද(22) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 237ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව පසුගිය 5 වනදා සිට අද දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු බිමත් රියදුරන් සංඛ්‍යාව 4624 ක් බව පොලීසිය පවසයි.